ඇපල් සැපයුම්කරු Foxconn ඉන්දියානු ඒකකයේ ඩොලර් බිලියන 1.5 ක් ආයෝජනයකට සැරසෙයි

ඇපල් සැපයුම්කරු Foxconn, එහි ඉන්දියානු ඒකකයේ ඩොලර් බිලියන 1.5 ක් ආයෝජනය කරන බව නිවේදනය කර තිබෙනවා.

මෙම නිවේදනය සිදු කරන්නේ අයිෆෝන් නිෂ්පාදකයා තීරුබදුවලට ගොදුරු වූ චීනයෙන් නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් වෙනත් රටවලට මාරු කරන මොහොතකයි.

ලන්ඩන් කොටස් හුවමාරුවට අනුව Foxconn හි සිංගප්පූරුව පදනම් කරගත් අනුබද්ධිත සමාගම, යුෂාන් ටෙක්නොලොජි ඉන්දියා (Yuzhan Technology India,) හි රුපියල් 10 බැගින් වටිනා කොටස් බිලියන 12.77 ක් මිල දී ගනු ඇති අතර, එය ඉන්දීය රුපියල් බිලියන 127.74 ක් (ඩොලර් බිලියන 1.50) වනවා.

තමිල්නාඩුවේ ෆොක්ස්කොන් හි ඒකකය වන යුෂාන් ටෙක්නොලොජි ඉන්දියා ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනය කරන අතර ඇපල් හි අයිෆෝන් එකලස් කරනවා.

සැපයුම් දාම ගැටළු සහ අයිෆෝන් මිල ගණන් ඉහළ යාමේ බිය ඉහළ නංවා ඇති එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීනයට තීරුබදු පැනවීම මධ්‍යයේ ඇපල් ඉන්දියාව විකල්ප නිෂ්පාදන පදනමක් ලෙස ස්ථානගත කරමින් සිටින බව පසුගිය මාසයේ රොයිටර් පුවත් සේවය වාර්තා කළා.

මාර්තු මාසයේදී ඇපල් සමාගම ඉන්දියාවේ නිෂ්පාදනය වේගවත් කළ අතර, ඩොලර් බිලියන 2 ක් වටිනා අයිෆෝන් ටොන් 600ක් පමණ එක්සත් ජනපදයට අපනයනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22