රුපියල් කෝටි 14කට අධික මුදලක් වංචා කළ බව කියන මහාචාර්යවරයෙකු හිරේට

“ෂේඩි ඔෆ් ප්‍රොකෙයා” නමැති ආයතනයක් පවත්වාගෙන යමින් මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියා ලබාදෙන බවව පවසා පුද්ගලයන් විශාල පිරිසකගෙන් රුපියල් කෝටි 14ට අධික මුදලක් ලබාගෙන වංචා කළ බව කියන සැකකාර මහාචාර්යවරයෙක් ජුනි මස 2 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (20) නියෝග කළා.

එම ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන මහාචාර්ය මංජුල රණසිංහ නමැත්තෙකු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණා.

මෙම සිද්ධියට අදාළව එම ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයකු වන අමිල විරාජ් නමැත්තකු මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දැන්වූවා.

මෙම වංචාව සම්බන්ධයෙන් එම ආයතනයේ තවත් විධායක අධ්‍යක්ෂකවරුන් දෙදෙනකුගේ විදෙස් ගමන් අධිකරණය මගින් තහනම් කර ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා.

මෙම සැකකාර පුද්ගලයන් මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියා ලබාදෙන බව පවසා එක් අයදුම්කරුවකුගෙන් රුපියල් 21,500 බැගින් ලබාගෙන රුපියල් කෝටි 14ට අධික මුදලක් වංචා කර ඇති බව ද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකාර මහාචාර්යවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39