බැංකු ගිණුම් විවෘත කිරීමේ දී TIN අංකය අනිවාර්යය කිරීමට කැබිනට් අනුමැතිය ලැබෙයි

2025‑04‑01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රඳවා ගැනීමේ බදු අනුපාතය 5% සිට 10% දක්වා ඉහළ නැංවීම පිණිස වන නීතිමය ප්‍රතිපාදන 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මඟින් හඳුන්වා දී තිබෙනවා.

බදු අය කරනු ලබන වාර්ෂික ආදායම් සීමාව වන රුපියල් මිලියන 1.8ක ප්‍රමාණය නොඉක්මවන ආදායමක් සහිත පුද්ගලයන්ගෙන් ද රඳවා ගැනීමේ බදු අය කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන්, එවැනි තැන්පත්කරුවන් සහ අඩු ආදායම්ලාභී පුද්ගලයන් අපහසුතාවට ලක් වන බව නිරීක්ෂණය වී ඇති බවයි කැබිනට් මණ්ඩල සාකච්ඡාවේ දී හඳුනාගෙන ඇත්තේ.

එකී ගැටලුව සඳහා විසඳුමක් ලෙස බදු නිදහස් සීමාවට වඩා පහළ මට්ටමක ආදායම් සහිත පුද්ගලයන්ට ස්වයං ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට යෝජනා කර තිබෙනවා.

ඒ අනුව, පොලිය මත රඳවා ගැනීමේ බද්ද අය කිරීමෙන් නිදහස් කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 1.8ක් නොඉක්මවන තක්සේරු ආදායමක් සහිත සියලු නේවාසික තැන්තපත්කරුවන් සඳහා ස්වයං ප්‍රකාශනයක් හඳුන්වා දීමට සහ සියලුම වර්ගයේ බැංකු ගිණුම් විවෘත කිරීම සඳහා බදු හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට යෝග්‍ය සංශෝධන ඇතුළත් කරමින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රවී ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..අපි කලින්ම කිව්වනේ මේක වෙනවා කියලා..සාස්තරකාරයෝ වෙන්න ඕනි නෑ
06:37
Video thumbnail
නායකත්වය ලැබීම ගැන කුසල් මෙන්ඩිස් කියපු දේ..කවුරු කැප්ටන් කළත් අපේ Target එකයි
06:30
Video thumbnail
ලංකාවේ ඩීසල් පෙට්‍රල් හිඟයක්ද? CPC එකෙන් සියල්ල හෙළිකරයි
02:45
Video thumbnail
ත්‍රීවීල් එකකට රෝද තුනක් දීලා තියෙන්නේ මෙහෙම දෙකකින් යන්නද ?..වාහනත් නවත්තගෙන වැඩ පෙන්නන හැටි
00:44
Video thumbnail
අටමස්ථානාධිපතිට දේවීන්වහන්සේලා දෙන්නෙක් ? මානසික රෝගියෙක්නේ - DNA වෙනස් වෙයිද ?
05:48
Video thumbnail
දිලුම් ඇයි අත්අඩංගුවට නොගන්නේ ? - "එයා එහෙම ගැහැණු ළමයි ආශ්‍රය කරලා ඇති"
02:17
Video thumbnail
අනුරාධපුරයේ වින්දිත දැරියට ජීවිත තර්ජනයක්? - පොලිස්පතිතුමාටත් ගැහැණු ළමයි ඉන්නේ..ලැජ්ජයි
03:41
Video thumbnail
විමල්ට පිස්සු නටන්න දෙන්න බෑ
01:33
Video thumbnail
ජනාධිපති කිව්ව බොරුව සජිත් හෙළිකරයි
05:01