රග්බි සම්මේලනයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහි නඩුකරය අවසන්

කොළඹ දිසා අධිකරණය හමුවේ ඇතිකර ගත් එකඟතාව අනුව ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලවරණය නොපැවැත්වීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ගොනුකර තිබූ නඩුකරයක් අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (20) තීන්දු කළා.

එමෙන්ම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිකුත් කළ චෝදනා ආපසු කැඳවීමටත් අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

පෙත්සම්කරු විසින් එම නියෝග ලබාගෙන තිබෙන ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධීකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

ඉන් අනතුරුව අදාළ නඩුකරයේ විභාග කටයුතු අවසන් කිරීමටත් අභියාචනාධිකරණය නියෝග කළා.

ඉකුත් නඩු දිනයේ මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශ්වය විසින් තම සේවාදායකයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමට අදාළ නඩුකරය පිළිබඳ නොතීසි ලබාගෙන තිබෙන්නේ අධිකරණය නොමඟ යවන සුළු කරුණු ඉදිරිපත් කිරීමෙන් බව සඳහන් කර තිබුණා.

ශ්‍රී ලංකා රක්බි නිලවරණය පැවතීම සඳහා අවශ්‍ය කරන නිලවරණ කමිටුව පත් කරන බව පමණක් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී තිබූ බවත් ඔහු එම ප්‍රතිඥාව ඒ ආකාරයෙන්ම ඉෂ්ට කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නා.

එබැවින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කිසිදු අවස්ථාවක අධිකරණයට අපහාසයක් සිදුකර නොමැති බවත් ඔහුට එරෙහිව නිකුත් කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ඉවත් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා වැඩිදුරටත් අධිකරණයට ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ භියෝජනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.

ක්‍රීඩා සංගම් කිහිපයක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඒම්.ඒ. සුමන්දිරන් මහතා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10