ඉන්දීය ප්‍රහාරවලින් පාකිස්තානයට සිදු වූ හානි හෙළිවෙයි

ජම්මු – කාශ්මීරයේ පහල්ගම් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පළිගැනීමක් ලෙස ඉන්දීය ආරක්ෂක අංශ විසින් පාකිස්තානයේ ත්‍රස්ත කඳවුරු වෙත එල්ල කරන ලද ගොඩබිම් හා ගුවන් ප්‍රහාර හේතුවෙන් පාකිස්තානයේ ගුවන් තොටුපොළවල් සයකට දැඩි හානි සිදු ව තිබෙනවා.

වොෂින්ටන් පෝස්ට් විසින් කරන ලද දෘශ්‍ය විමර්ශනයකින් මේ බව අනාවරණය වන බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාර දශක ගණනාවක සිට ඉන්දු – පාකිස්තාන ආතතීන් තුළ ඇති වූ වඩාත් වැදගත් ම දේශසීමා හමුදා ක්‍රියාමාර්ගවලින් එකක් වන බවටයි සැලකෙන්නේ.

චන්ද්‍රිකා ඡායාරූප සහ වීඩියෝ විශ්ලේෂණයන් මගින් ගුවන් තොටුපොළ ස්ථාන තුනක් විනාශ කිරීම, ධාවන පථ දෙකකට හානි වීම සහ ජංගම ගුවන් හමුදා ව්‍යුහ දෙකක් සුන්බුන් වීම දැකිය හැකියි.

සමහර ප්‍රහාර ස්ථාන පාකිස්ථාන භූමිය තුළ සැතපුම් 100 ක් තරම් ගැඹුරු බවත් වාර්තා වනවා.

විශේෂඥයින් මෙම ප්‍රහාර විස්තර කළේ 1971 යුද්ධයෙන් පසු පාකිස්තාන හමුදා යටිතල පහසුකම් මත එල්ල කරන ලද වඩාත් පුළුල් ඉන්දියානු ගුවන් ප්‍රහාරය ලෙස යි.

ලන්ඩනයේ කිංග්ස් කොලේජ් හි දකුණු ආසියානු ආරක්ෂක විශේෂඥයෙකු වන වෝල්ටර් ලැඩ්විග් පැවසුවේ ප්‍රහාර පකිස්ථානයේ ගුවන් හැකියාවන් බරපතළ ලෙස අඩපණ කිරීම සඳහා ඉහළ පෙළේ වත්කම් ඉලක්ක කරගත් බවයි.

Contested Ground හි භූ අවකාශ විශ්ලේෂක විලියම් ගුඩ්හින්ඩ් සඳහන් කළේ, මෙම ප්‍රහාර ප්‍රහාරක සහ ආරක්ෂක ගුවන් මෙහෙයුම් යන දෙකම පහත් කිරීම අරමුණු කරගත් නිරවද්‍ය ප්‍රහාර බවයි.

මිඩ්ල්බරි විද්‍යාලයේ නැගෙනහිර ආසියාවේ අවි ප්‍රගුණනය වැළැක්වීමේ වැඩසටහනේ අධ්‍යක්ෂ ජෙෆ්රි ලුවිස් තවදුරටත් පැවසුවේ කඳවුරුවලට හානි සිදු වුව ද, ඒවා සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීමට එය ප්‍රමාණවත් නොවන බවයි.

මූලාශ්‍ර – https://page3newsthai.com/indian-airstrikes-damage-six-pakistani-airfields-visual-analysis-shows/

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52