ඉන්දීය ප්‍රහාරවලින් පාකිස්තානයට සිදු වූ හානි හෙළිවෙයි

ජම්මු – කාශ්මීරයේ පහල්ගම් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පළිගැනීමක් ලෙස ඉන්දීය ආරක්ෂක අංශ විසින් පාකිස්තානයේ ත්‍රස්ත කඳවුරු වෙත එල්ල කරන ලද ගොඩබිම් හා ගුවන් ප්‍රහාර හේතුවෙන් පාකිස්තානයේ ගුවන් තොටුපොළවල් සයකට දැඩි හානි සිදු ව තිබෙනවා.

වොෂින්ටන් පෝස්ට් විසින් කරන ලද දෘශ්‍ය විමර්ශනයකින් මේ බව අනාවරණය වන බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාර දශක ගණනාවක සිට ඉන්දු – පාකිස්තාන ආතතීන් තුළ ඇති වූ වඩාත් වැදගත් ම දේශසීමා හමුදා ක්‍රියාමාර්ගවලින් එකක් වන බවටයි සැලකෙන්නේ.

චන්ද්‍රිකා ඡායාරූප සහ වීඩියෝ විශ්ලේෂණයන් මගින් ගුවන් තොටුපොළ ස්ථාන තුනක් විනාශ කිරීම, ධාවන පථ දෙකකට හානි වීම සහ ජංගම ගුවන් හමුදා ව්‍යුහ දෙකක් සුන්බුන් වීම දැකිය හැකියි.

සමහර ප්‍රහාර ස්ථාන පාකිස්ථාන භූමිය තුළ සැතපුම් 100 ක් තරම් ගැඹුරු බවත් වාර්තා වනවා.

විශේෂඥයින් මෙම ප්‍රහාර විස්තර කළේ 1971 යුද්ධයෙන් පසු පාකිස්තාන හමුදා යටිතල පහසුකම් මත එල්ල කරන ලද වඩාත් පුළුල් ඉන්දියානු ගුවන් ප්‍රහාරය ලෙස යි.

ලන්ඩනයේ කිංග්ස් කොලේජ් හි දකුණු ආසියානු ආරක්ෂක විශේෂඥයෙකු වන වෝල්ටර් ලැඩ්විග් පැවසුවේ ප්‍රහාර පකිස්ථානයේ ගුවන් හැකියාවන් බරපතළ ලෙස අඩපණ කිරීම සඳහා ඉහළ පෙළේ වත්කම් ඉලක්ක කරගත් බවයි.

Contested Ground හි භූ අවකාශ විශ්ලේෂක විලියම් ගුඩ්හින්ඩ් සඳහන් කළේ, මෙම ප්‍රහාර ප්‍රහාරක සහ ආරක්ෂක ගුවන් මෙහෙයුම් යන දෙකම පහත් කිරීම අරමුණු කරගත් නිරවද්‍ය ප්‍රහාර බවයි.

මිඩ්ල්බරි විද්‍යාලයේ නැගෙනහිර ආසියාවේ අවි ප්‍රගුණනය වැළැක්වීමේ වැඩසටහනේ අධ්‍යක්ෂ ජෙෆ්රි ලුවිස් තවදුරටත් පැවසුවේ කඳවුරුවලට හානි සිදු වුව ද, ඒවා සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීමට එය ප්‍රමාණවත් නොවන බවයි.

මූලාශ්‍ර – https://page3newsthai.com/indian-airstrikes-damage-six-pakistani-airfields-visual-analysis-shows/

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?