ජෝ බයිඩන්ට පිළිකාවක්

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

එය මේ වනවිට 82 හැවිරිදි වියේ පසුවන ඔහුගේ අස්ථි දක්වා පැතිරී ඇති බවයි වෛද්‍යවරු පවසන්නේ.

ජනවාරි මාසයේ දී ධුරයෙන් ඉවත් වූ බයිඩන්, මුත්‍රා රෝග ලක්ෂණ සඳහා පසුගිය සතියේ වෛද්‍යවරයෙකු හමුවීමෙන් පසු මෙම රෝග තත්ත්වය විනිශ්චය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ රෝගය “ඉහළ ශ්‍රේණියේ” ලෙස වර්ගීකරණය කර ඇති අතර පිළිකා සෛල ඉක්මනින් පැතිර යා හැකි බව එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනය පවසනවා.

මේ අතර බයිඩන් සහ ඔහුගේ පවුලේ අය ප්‍රතිකාර විකල්ප සමාලෝචනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාවක් වන Truth Social හි සටහනක් තබමින් පැවසුවේ, තමන් සහ තම බිරිඳවන මෙලනියා, ජෝ බයිඩන්ගේ මෑත කාලීන වෛද්‍ය රෝග විනිශ්චය ගැන අසා කණගාටු වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
රටට සුබයි කිව්වා විතරයි අකුරැස්ස යටවුණා
04:07
Video thumbnail
ජනපති කිව්ව 4G කුළුණු ගැන නලින්ද හෙළිකරයි - 4G කතා කරලා ඒකේ Update එකක් විදියට 5Gවලට අපි යන්නේ
03:06
Video thumbnail
24 වැනිදාට පස්සේ හරිනි අවලංගු කාසියක්
04:15
Video thumbnail
පළතුරු උස්සගෙන ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලපු වෙළෙන්දෝ - හිතුමනාපෙට පීඩන කරනවා වෙළෙඳුන්ට
06:43