රුදුරු ත්‍රස්තවාදය පරාජය කරමින් ලැබූ යුද ජයග්‍රහණයට වසර 16යි

තිස් වසරකට අධික කාලයක් මෙරට වෙළාගෙන සිටි රුදුරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කර අදට (18) වසර 16ක් සපිරෙනවා.

2009 වසරේ මැයි 18 වනදා එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ දී මෙරට විරෝධාර රණවිරුවන් අතින් මියයාමත් සමඟ රට තුළ තිස් වසරකට වැඩි කාලයක් පැවති යුද්ධය නිමාවට පත් වුණා.

යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් ‘ජාතික රණවිරු දින සැමරුම් උත්සවය’ හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියස දී හෙට පස්වරු 4.00 සිට 6.00 දක්වා මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි.

මෙවර ජාතික රණවිරු දින සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, මෙම උත්සවය වෙනුවෙන් කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22
Video thumbnail
"මේක ෂුවර් එකට නාමලයගේ වැඩක්..නාමල් වග කියන්න ඕනි" නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
06:54
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23