ග්‍රාමීය සංවර්ධනය ගැන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට ජනපතිගෙන් උපදෙස්

මෙරට නිෂ්පාදන ආර්ථිකය පණ ගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට දැනුම් දෙනු ලැබුවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

2024 අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමේදී නිෂ්පාදන ආර්ථිකයට අදාළ ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වයක් ලබාදීම සිදු වූ අතර, දිස්ත්‍රික් මට්ටමින් වෙන් කරන ලද එම ප්‍රතිපාදන නිදහස් කිරීමේදී සිදුව ඇති ප්‍රමාදයන් සහ අකාර්යක්ෂමතාව පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානය යොමු කළා.

පසුගිය වසර කිහිපය තුළ ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය නොවීම හේතුවෙන් ග්‍රාමීය ජනතාව ගැටලු රැසකට මුහුණ දී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා; ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන නිසි අයුරින් නියමිත කාල රාමුව තුළ වැය කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කර සිටියා.

එමෙන්ම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් පැවැත්වීමේ දී ඒ ඒ දිස්ත්‍රික්කවල පවතින සංවර්ධන අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් අදාළ විෂය භාර අමාත්‍යවරු ද ඊට සම්බන්ධ කර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරු වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21