රුපියල් කෝටි 21ක් වටිනා රත්‍රං තොගයක් සමග දෙදෙනකු අත්අඩංගුවට

රුපියල් කෝටි 21 ක් වටිනා රත්තරන් තොගයක්, වාහන අමතර කොටස් තුළ සඟවා ගෙන, කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සඳහා වූ
“රක්ත මාවත” ( Red Channel ) ඔස්සේ පිට කරගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු ඊයේ (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ, සැකකරුවන් අතරින් එක් අයෙකු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක් බවත්, අනෙක් පුද්ගලයා මහනුවර, රඹුක්වැල්ල ප්‍රදේශයේ පදිංච් 46 හැවිරිදි අයෙක් බවයි.

ඔවුන් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත ගුවන් ගමන්වල නිරත වෙමින් විදේශ රටවලින් විවිධ භාණ්ඩ මෙරටට ගෙනැවිත්දීමේ ක්‍රියාවලියක නිරත වී සිටිනවා.

සැකකරුවන් දෙදෙනා ඊයේ පෙරවරු 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් ගෙන ආ ගමන් මළ්ලු තුළ තිබූ කිලෝග්‍රෑම් 06යි ග්‍රෑම් 700ක් බර මෙම රත්තරන් තොගය, වාහන බෙයාරිං පද්ධති දෙකක් තුළ රන් බිස්කට් 21ක් සහ වාහන සිසිලන පද්ධතියකට අදාළ ජල පොම්ප කැබැලි තුළ, ඒ හැඩයට උණු කර සකස් කර තිබූ රන් කුට්ටි කිහිපයක් ද සඟවා තිබියදී සොයාගැනුණා.

පසුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අද (16) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත මෙම ගුවන් මගීන් දෙදෙනා සහ ඔවුන් නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්තරන් තොගය භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18