රජයට ලක්ෂ 275ක් පාඩු කළ බවට චෝදනා ලැබූ හර්ෂාන් ද සිල්වාට ඇප

කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ආරම්භ කරන ලද වේරන්ස් ගඟ ව්‍යාපෘතිය සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව එම ව්‍යාපෘතියේ මූලික අදියරේ උත්සව කටයුතුවලට වියදම් කර රජයට රුපියල් ලක්ෂ 275 ක පාඩුවක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (15) නියෝග කළා.

සැකකාර හිටපු සභාපතිවරයාට රුපියල් මිලියනය බැගින් ශරීර ඇප 5ක් නියම කෙරුණු අතර සැකකරුගේ විදෙස් ගමන් තහනම් කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් සැකකාර හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ නියම කෙරුණා.

කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ආරම්භ කළ වේරන්ස් ගඟ ව්‍යාපෘතියේ මූලික අදියර සඳහා උත්සවයක් පවත්වා ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූවා.

එම විවෘත කිරීමේ උත්සවයේ සියලුම කළමනාකරණය කිරීමේ කටයුතු භාතිය ජයකොඩි නමැති අයෙකුට අයත් “ෂෝටවුට් එන්ටර්ටේට්මන්ට්” නමැති ආයතනයකට සැකකාර හිටපු සභාපතිවරයා විසින් භාර දී ඇති බවත් එසේ භාරදී ඇත්තේ එම ආයතනයට වාසිදායක වන ආකාරයට බව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයයේ දී අනාවරණය වූ බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූවා.

කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව හා එම සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව සැකකාර හිටපු සභාපතිවරයා එම උත්සවය වෙනුවෙන් රුපියල් 275 ක් වියදම් කර රජයට පාඩුවක් සිදුකර ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

අල්ලස් හෝ දූෂණ පණතේ 70 වගන්තිය ප්‍රකාරව සැකකාර පුද්ගලයා දූෂණය නමැති චෝදනාව යටතේ වරදක් කර ඇති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් හා පැමිණිල්ල මෙහෙයවූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු එසේ ඇපමත මුදා හරින ලෙසට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?