රවී සෙනෙවිරත්නට විරුද්ධව නඩු විභාගය නැවතත්

බීමතින් රිය පදවා 2023 වර්ෂයේ වැල්ලවත්ත මුහුදු මාර්ගයේ දී අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට විරුද්ධව පෙර ගොනු කර පැවති චෝදනා තුන යටතේම නැවත නඩුව විභාගයට ගැනීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය අද (14) නියෝග කළා.

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් බීමතින් පැදවූ මෝටර් රථය පසුගිය 2023 වර්ෂයේ ඔක්තෝම්බර් මස 28 වන දින වැල්ලවත්ත සමුද්‍රිය මාවතේ නවතා තිබූ තවත් මෝටර් රථයක සහ බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබුණා.

තමාව අසාධාරණ ලෙසට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බවට පොලිස් විශේෂ විමර්ශන ඒකකයට රවී සෙනවිරත්ත මහතා විසින් කරන ලද පැමිණිල්ල විභාග කර ඒ සම්බන්ධ වාර්තාව නීතිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතාට භාරදීමෙන් අනතුරුව තවදුරටත් විමර්ශනය කර මෙම නඩුවේ විස්තර ඇතුළත් වාර්තාවක් උපදෙස් පතා නීතිපති වෙත යොමු කර තිබූ අතර නීතිපතිගේ උපදෙස් අනුව පළමු වන චෝදනාව වන රිය අනතුරක් වළක්වා නොගැනීම හැර 2,3 චෝදනා වන අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම යන චෝදනා ඉවත් කිරීම සුදුසු බවට නීතිපතිතුමා විසින් නීතිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතාට ලබා දී තිබූ නීතිපති උපදෙස් ඍජුව මහේස්ත්‍රාත් අධිකරණයට යොමු නොකොට නීතිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතාට යොමු කර ඒ අනුව වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ගොනුකරන ලද සංශෝධිත චෝදනා පත්‍රය අධිකරණයට භාර ගැනීමට හැකියාවක් නොමැති බව ප්‍රකාශ කරමින් පෙර ගොනු කර තිබූ 1,2,3 යන චෝදනා යටතේම ජුනි මස 25 වන දින නඩුව විභාගයට ගැනීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

චූදිත වෙනුවෙන් නීතිඥ චන්දන පෙරේරා හා නීතිඥ වරුණ ජයසිංහ යන මහත්වරුන් පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
11
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?