වසර 53කට පසුව අමෙරිකාව සිරියාවට දුන් දඬුවම ලිහා දමයි

සිරියාවට එරෙහිව අමෙරිකාව පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

CNN වෙබ් අඩවිය වාර්තා කළේ පසුගිය වසරේ අසාද් පාලනය බිඳ වැටීමෙන් අනතුරුව මේ වනවිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් ඇති සිරියාවට ශ්‍රේෂ්ඨත්වය සඳහා අවස්ථාවක් ලබාදීමට තමන් තීරණය කළ බවට ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසූ බවයි.

අමෙරිකාව විසින් සම්බාධක ඉවත් කරනු ලැබීම ම දෙසැම්බර් මාසයේ දී අසාද් පාලනය බිඳ දමා බලය ලබා ගත් අහමඩ් අල් ෂාරාගේ නායකත්වයට සුවිසල් ජයග්‍රහණයක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අසාද් පාලනය බිඳවැටීමෙන් පසු සිරියාවේ මිලිටරි හා භෞමික දියුණුව තීව්‍ර කළ අතර එය ඊශ්‍රායල රජයට මරු පහරක් ලෙසයි දැක්විය හැකි වන්නේ.

රියාද්හි සෞදි ආයෝජන සංසදයකට අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් මෙන්ම තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව තමා මෙම තීරණය ගත් බවයි.

සිරියාවට අමෙරිකාවෙන් වසර 53කට පසුව නිදහස හිමිවීම ද මෙහිදී වැඩි වශයෙන් කැපී පෙනෙන සිදුවීමක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?