වසර 53කට පසුව අමෙරිකාව සිරියාවට දුන් දඬුවම ලිහා දමයි

සිරියාවට එරෙහිව අමෙරිකාව පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

CNN වෙබ් අඩවිය වාර්තා කළේ පසුගිය වසරේ අසාද් පාලනය බිඳ වැටීමෙන් අනතුරුව මේ වනවිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් ඇති සිරියාවට ශ්‍රේෂ්ඨත්වය සඳහා අවස්ථාවක් ලබාදීමට තමන් තීරණය කළ බවට ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසූ බවයි.

අමෙරිකාව විසින් සම්බාධක ඉවත් කරනු ලැබීම ම දෙසැම්බර් මාසයේ දී අසාද් පාලනය බිඳ දමා බලය ලබා ගත් අහමඩ් අල් ෂාරාගේ නායකත්වයට සුවිසල් ජයග්‍රහණයක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අසාද් පාලනය බිඳවැටීමෙන් පසු සිරියාවේ මිලිටරි හා භෞමික දියුණුව තීව්‍ර කළ අතර එය ඊශ්‍රායල රජයට මරු පහරක් ලෙසයි දැක්විය හැකි වන්නේ.

රියාද්හි සෞදි ආයෝජන සංසදයකට අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් මෙන්ම තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව තමා මෙම තීරණය ගත් බවයි.

සිරියාවට අමෙරිකාවෙන් වසර 53කට පසුව නිදහස හිමිවීම ද මෙහිදී වැඩි වශයෙන් කැපී පෙනෙන සිදුවීමක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32