අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ ලේකම් මෙරටට

අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ ලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස් රොබට් (Chris Robert) මහතා, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු බොක්සිං තරගාවලියට ප්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීමට අද (13) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

වසර 57කට පසුව මෙරට පැවැත්වෙන පළමු ජාත්‍යන්තර බොක්සිං තරගාවලිය වන මෙම ආසියානු තරුණ සහ වයස අවුරුදු 22 න් පහළ තරගාවලිය සඳහා මේ වනවිට ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 29ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරටට පැමිණ සිටින බවත් අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවා.

ක්‍රිස් රොබට් මහතා අද පස්වරු 04.44 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ මහතා පිළිගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කටුනායක ගුවන් තොටුපොළ කළමනාකරු වාසනා කුමාරි මහත්මිය සහ ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56