හෙසන්ට පාකිස්තානු සුදු පන්දුවේ ප්‍රධාන පුහුණුකාරීත්වය

පාකිස්තාන සුදු පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මයික් හෙසන් (Mike Hesson) පත් කර තිබෙනවා.

නවසීලන්තයේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වන හෙසන් මැයි 26 වැනි දින සිට පාකිස්තානය සමග එක් වනු ඇති බවයි වාර්තා වන්නේ.

මාස පහක් අන්තර්කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අකිබ් ජාවෙඩ් වෙනුවට හෙසන් පත් කර තිබෙන බවත් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවා.

හෙසන්ගේ කොන්ත්‍රාත්තුවේ කාලය නිල වශයෙන් හෙළි කර නැති වුව ද, මෙම පත්වීම දෙවසරක ගිවිසුමකට යටත් වනු ඇති බවයි වාර්තා වන්නේ.

ගැරී කර්ස්ටන් ප්‍රධාන පුහුණුකරු ලෙස වසර දෙකක කොන්ත්‍රාත්තුවෙන් මාස හයක දී හදිසියේම ඉල්ලා අස්වීමෙන් පසු මාස ​​පහක් සඳහා අන්තර්කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අකිබ් ජාවෙඩ් පත් කෙරුණා.

ඊට නිත්‍ය පිළියමක් ලෙසටයි හෙසන් පත් කර ඇත්තේ.

මයික් හෙසන් යනු කලක් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂතම ක්‍රීඩකයෙකු ලෙසයි පිළිගැනෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55