නව පාප්වහන්සේ පළමු ඉරිදා දේශනයේ දී ඉන්දු – පාකිස්තාන සටන් විරාමය ගැන සතුටු වෙයි

සිය පළමු ඉරිදා දේශනයේදී, 14 වැනි ලියෝ පාප් වහන්සේ ලොව පුරා සාමය වෙනුවෙන් කැපවන්නැයි ආයාචනා කළා.

ගාසා තීරයේ සහ යුක්රේනයේ යුද ගැටුම් මෙන්ම ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාමය පිළිබඳ ශුද්ධෝත්තම පාප් වහන්සේ සිය දේශනයේ දී විශේෂයෙන් සඳහන් කළා.

ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාමයක් ඇති වීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ පාප් වහන්සේ ඉදිරි සාකච්ඡා දෙරට අතර කල් පවතින එකඟතාවකට තුඩු දෙනු ඇතැයි බලාපොරොත්තු පළ කළා.

“ආදරණීය යුක්රේන ජනතාවගේ දුක් වේදනා මම මගේ හදවතේ දරා සිටිමි,” 14 වැනි ලියෝ පාප්වහන්සේ පැවසුවේ, යුක්රේනයේ “හැකි ඉක්මනින් සත්‍ය, යුක්තිසහගත සහ කල් පවතින සාමයක්” ඉල්ලා සිටිමින්.

ගාසා තීරය සම්බන්ධයෙන්, පවතින ගැටුම පිළිබඳව පාප් වහන්සේ දැඩි ශෝකය පළ කළ අතර වහාම සටන් විරාමයක් ඉල්ලා සිටියා.

“ගාසා තීරයේ සිදුවෙමින් පවතින දේ ගැන මම අතිශයින් කනගාටු වෙනවා. වහාම වෙඩි තැබීම නවත්වන්න! වෙහෙසට පත්ව සිටින සිවිල් ජනතාවට මානුෂීය ආධාර ලබා දෙන්න, සහ සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න,” උන්වහන්සේ ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24