ජාත්‍යන්තර වෙසක් දින උළෙල ජනපති ප්‍රධානත්වයෙන් වියට්නාමයේදී ඇරඹේ

2025 එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවය අද (06) වියට්නාමයේ චි මින් නුවර දී ආරම්භ වුණා.

එරට වේලාවෙන් අද (06) උදෑසන මෙම උත්සවය ආරම්භ වුණේ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

මෙම වසරේ එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයේ තේමාව වී ඇත්තේ “මානව ගරුත්වය සඳහා එකමුතුකම සහ අන්තර්ග්‍රහණය ලෝක සාමය සහ තිරසාර සංවර්ධනය සඳහා බෞද්ධ අවබෝධය” යන්නයි.

මෙවර ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ ප්‍රධාන ආරාධිත දේශනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?