පොරව අරගෙන යන්න දෙන්නේ නැත්නම් ඡන්දය වර්ජනය කරනවා – ආදිවාසී නායකයා

ඡන්දය ප්‍රකාශ කිරිමට ඡන්ද මධ්‍යස්ථානය වෙත යෑමේදී ආදිවාසී සංස්කෘති අංගයක් වන “පොරව“ රැගෙන යෑමට අවස්ථාව ලබා නොදුනහොත් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් පවසනවා.

අද (05) දහවල් දඹාන, කොටබකිණිය ආදිවාසී ගම්මානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආදිවාසී නායකය මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආදිවාසී නායකයා පැවසුවේ එම අවස්ථාව ආදිවාසීන් හට ලබා නොදුනහොත් තම වරිගයේ ඇත්තන් හටද ඡන්දය ප්‍රකාශ කිරිමෙන් වැළකී සිටින ලෙස උපදෙස් ලබාදෙන බවයි.

ඡන්දය හේතුවෙන් තම සංස්කෘතිය හැල්ලුවට ලක්කිරීමට තමන් කිසි සේත් කටයුතු නොකරන බව ද ආදිවාසී නායකයා මෙහිදී සඳහන් කර සිටියා.

මීට පෙර ඡන්දය ප්‍රකාශ කිරිමට ඡන්ද මධ්‍යස්ථානයට ගිය අවස්ථාවක තම ආදිවාසී ජනතාවට ‘පොරව’ රැගෙන ඡන්ද මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ එම ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරි සිදුකළ නිලධාරීන් එය වැලැක්වීම හේතුවෙන් මෙවර ද එවන් සිදුවීමක් යළිත් සිදුවීමට පෙර අදාළ බලධාරීන් ඒ පිළිබද දැනුවත් කිරීම තම වගකීම බවත් ඔහු පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?