පොරව අරගෙන යන්න දෙන්නේ නැත්නම් ඡන්දය වර්ජනය කරනවා – ආදිවාසී නායකයා

ඡන්දය ප්‍රකාශ කිරිමට ඡන්ද මධ්‍යස්ථානය වෙත යෑමේදී ආදිවාසී සංස්කෘති අංගයක් වන “පොරව“ රැගෙන යෑමට අවස්ථාව ලබා නොදුනහොත් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් පවසනවා.

අද (05) දහවල් දඹාන, කොටබකිණිය ආදිවාසී ගම්මානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආදිවාසී නායකය මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආදිවාසී නායකයා පැවසුවේ එම අවස්ථාව ආදිවාසීන් හට ලබා නොදුනහොත් තම වරිගයේ ඇත්තන් හටද ඡන්දය ප්‍රකාශ කිරිමෙන් වැළකී සිටින ලෙස උපදෙස් ලබාදෙන බවයි.

ඡන්දය හේතුවෙන් තම සංස්කෘතිය හැල්ලුවට ලක්කිරීමට තමන් කිසි සේත් කටයුතු නොකරන බව ද ආදිවාසී නායකයා මෙහිදී සඳහන් කර සිටියා.

මීට පෙර ඡන්දය ප්‍රකාශ කිරිමට ඡන්ද මධ්‍යස්ථානයට ගිය අවස්ථාවක තම ආදිවාසී ජනතාවට ‘පොරව’ රැගෙන ඡන්ද මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ එම ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරි සිදුකළ නිලධාරීන් එය වැලැක්වීම හේතුවෙන් මෙවර ද එවන් සිදුවීමක් යළිත් සිදුවීමට පෙර අදාළ බලධාරීන් ඒ පිළිබද දැනුවත් කිරීම තම වගකීම බවත් ඔහු පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41