Update – ගල්කිස්ස වෙඩි තැබීමේ තොරතුරු කිහිපයක් එළියට (වීඩියෝ)

ගල්කිස්ස, වෙරළ පාර ප්‍රදේශයේ දී අද (05) උදෑසන සිදුවූ වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිසිය පවසනවා.

මෙම වෙඩි තැබීමෙන් 19 හැවිරිදි ප්‍රවීන් නිස්සංක නැමැති තරුණයෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, එම තරුණයා නගර සභා සේවකයෙකු ලෙස කටයුතු කළ අයෙක්.

මෙම තරුණයා අද (05) උදෑසන වෙරළ පාරට හැරෙන මංසන්ධියේ ශාන්ත සිල්වෙස්ටර් අතුරු මාර්ගය අතුගාමින් සිටිය දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

එම අවස්ථාවේ වෙඩි ප්‍රහාරයට ලක්වූ තරුණයා අනතුරුව ප්‍රධාන මාර්ගය දෙසට දිවගොස් ඇති අතර, ඔහු පසුපස හඹා ආ වෙඩික්කරු ගල්කිස්ස, වෙරළ පාර ආසන්නයේ වෙළඳසැලක් ඉදිරිපිට දී තවත් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර පළා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක් වූ තරුණයා නිම්මි සුමේදා ෆොන්සේකා නොහොත් චතුරි යන අයගේ පුත්‍රයෙකුවන අතර, ඇය මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනාව මත රක්ෂිත බන්ධාගාර ගතව පසුවන බවයි වාර්තා වුණේ.

ඝාතනයට ලක් උ තරුණයා ද 2023 වසරේදී මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට අත්අඩංගුවට පත්ව ඇති අයෙක් බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
1
+1
2
+1
7
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12