ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇරඹේ

හෙට (06) පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි, මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව අද (05) පස්වරුව වනවිට සියලු ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කර අවසන් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් අද (05) සහ හෙට (06) යන දින දෙක තුළ සියලුම පාසල්වලට නිවාඩු ලබා දී තිබෙනවා.

ඒ, අනුව පාසල් යළි විවෘත කිරීම ලබන 07 වනදා සිදුකරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් 8,287 දෙනෙකු තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හෙට (06) උදෑසන 7.00 ට ආරම්භ වනවා.

දිවයින පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 13,759ක දී පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත් වෙනවා.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ඡන්ද දායකයින් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ පනස් හයදහස් තුන්සීය තිස් අටදෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

පිළිගත් දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 257ක් නියෝජනය කරමින් මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 75,589ක්.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?