මැතිවරණ නිහඬ කාලසීමාවේදී අපේක්ෂකයින් 08ක් අත්අඩංගුවට

ඊයේ (04) උදෑසන 6.00 සිට අද (05) උදෑසන 6.00 දක්වා ගත වූ පැය 24ක කාලසීමාව තුළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඊට අමතරව ආධාරකරුවන් 05 දෙනෙක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය පවසන්නේ 2025-03-03 දිනයේ සිට මේ දක්වා මැතිවරණ අපේක්ෂකයින් 54 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර ඊයේ (04) උදෑසන 6.00 සිට අද (05) උදෑසන 6.00 දක්වා කාලය තුළ දී මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 04ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 15ක් ද එම කාලය තුළ ලැබී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

හෙට (06) ආරම්භවීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ නිහඬ කාලසීමාව මේ වනවිට ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?