ඇමරිකාවෙන් පිටත නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා ට්‍රම්ප්ගෙන් 100%ක තීරු බද්දක්

ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටත නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා 100% ක තීරු බද්දක් පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ විදේශයන්හි නිෂ්පාදනය කරන ලද චිත්‍රපට සඳහා 100% ක තීරු බද්දක් පැනවීමට තම නිලධාරීන්ට නියෝග කර ඇති බවයි.

ඔහුගේ මෙම තීරණය වෙළඳ යුද්ධය තවදුරටත් තීව්‍ර කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ට්‍රම්ප් පැවසුවේ එක්සත් ජනපදයේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් මිය යමින් ඇති බවයි.

“අපගේ චිත්‍රපට නිෂ්පාදකයින් සහ චිත්‍රාගාර එක්සත් ජනපදයෙන් ඈත් කිරීම සඳහා අනෙකුත් රටවල් සියලු ආකාරයේ දිරිගැන්වීම් ලබාදෙනවා. හොලිවුඩ් සහ ඇමරිකා එක්සත් ජනපදය තුළ තවත් බොහෝ ප්‍රදේශ විනාශ වෙමින් පවතිනවා. මෙය අනෙකුත් ජාතීන්ගේ සාමූහික උත්සාහයක් ඒක ජාතික ආරක්ෂක තර්ජනයක්.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40