මාතර බන්ධනාගාරයෙන් තවත් ජංගම දුරකථන 14ක් සොයාගෙන

මාතර බන්ධනාගාරයේ ඊයේ (03) දින සිදුකළ විශේෂ පරීක්ෂාවක දී ජංගම දුරකථන 14ක්, මාංචු කුට්ටම් 05 ක් සහ මාංචු යතුරු 04ක් සොයාගැනීම හැකිව තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් විශේෂ යන්ත්‍ර උපයෝගී කරගනිමින් මෙම පරීක්ෂා කිරීම් සිදුකර තිබුණා.

මේ අතර එම බන්ධනාගාරයේ පසුගිය පළමුවන දා සිදුකළ විශේෂ පරික්ෂාවේ දී සඟවා තිබූ ජංගම දුරකථන 23ක්, මුදලින් රුපියල් දස දහසක් පමණ මුදලක් සහ මාංචු යතුරු විස්සක් පමණ සොයා ගැනීමට හැකිව තිබුණා.

මාතර බන්ධනාගාරයේ රැදවියන් තිදෙනෙක වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමේ සිද්ධියකට එරෙහිව රැදවියන් පිරිසක් බන්ධනාගාරයේ දේපළට හානි කරමින් පසුගිය 22 වනදා රාත්‍රියේ නොසන්සුකාරී ලෙස හැසිරුණා.

එම අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩි තබමින් එම තත්ත්වය පාලනය කිරීමට උත්සාහ ගෙන තිබූ අතර, පසුව එය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය කැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළා.

මේ සමග බන්ධනාගාරයේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා මාතර බන්ධනාගාරයේ සියලුම රැඳවියන් පසුගිය 23 වනදා පෙරවරුවේ දී අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කිරීමටයි කටයුතු කළේ.

ඒ, අනුව රැඳවියන් රහිත බන්ධනාගාරය පරීක්ෂා කිරීමට නිලධාරීන් කටයුතු කර ඇති අතර, එම පරීක්ෂා කිරීම්වලදීයි මෙම ජංගම දුරකථන ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය සොගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47