ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ජය අගමැති ඇන්තනීගේ වාමාංශික කම්කරු පක්ෂයට

අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් නායකත්වය දරණ වාමාංශික කම්කරු පක්ෂය ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය ජයග්‍රහණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ නමුත් ඇන්තනි ඇල්බනීස්ට බහුතර බලයක් තිබේද යන්න තවමත් පැහැදිලි නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

මෙවර ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයේ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ ප්‍රතිවාදියා වූ කොන්සර්වේටිව් ලිබරල් ජාතික සන්ධානයේ පීටර් ඩටන් (විපක්ෂ නායක) පරාජය පිළිගෙන ඇල්බනීස්ට සුබ පැතීමට ඇමතුමක් ලබා දී ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ඕස්ට්‍රේලියානුවන් මිලියන 18ක් සිය මීළඟ අග්‍රාමාත්‍යවරයා තෝරාපත්කර ගැනීම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම අද (03) ආරම්භ කළා.

ජීවන වියදම, සෞඛ්‍ය හා නිවාස ගැටලුව මෙරව මැතිවරණයේ ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?