බලුකිස්තානයේ මානව හිමිකම් කඩවීම් ගැන යුරෝපා සංගමයේ කනස්සල්ල

යුරෝපීය සංගමයේ මානව හිමිකම් ආරක්ෂක යාන්ත්‍රණය වන ProtectDefenders.eu, කාන්තා බලුච් මානව හිමිකම් ආරක්ෂකයින් (WHRDs) අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ නීතිඥයින් දෙදෙනෙකුට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් බරපතල කනස්සල්ල පළ කර ඇති අතර, බලුකිස්තානයේ තත්ත්වය “ප්‍රජා අවකාශයට සහ නීතියේ ආධිපත්‍යයට සැලකිය යුතු තර්ජන” මතු කරන බව ද පවසනවා.

“2025 මාර්තු 22 වන දින සාමකාමී විරෝධතාවක් අතරතුර බලුකිස්තාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් දා සිට සිරගත කර ඇති කාන්තා බලුච් මානව හිමිකම් ආරක්ෂකයින් සම්බන්ධයෙන් භයානක තොරතුරු ලැබී ඇතැයි යුරෝපා සංගම් මානව හිමිකම් සංවිධානය පෙන්වා දී තිබෙනවා.

මේ අතර, බලුකිස්තානයේ පාකිස්තානයේ ත්‍රස්ත විරෝධී ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තම කනස්සල්ල පළ කරමින් සහ රජය “නීත්‍යනුකූල මානව හිමිකම් ක්‍රියාකාරකම් ත්‍රස්තවාදය සමඟ ඒකාබද්ධ කරන” බවට අනතුරු අඟවමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් පිරිසක් අඟහරුවාදා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළා.

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පුළුල් ලෙස පැතිරී තිබීම “මානව හිමිකම් සැලකිය යුතු ලෙස උල්ලංඝනය කිරීමක් සහ ජාත්‍යන්තර අපරාධයක්” ලෙස විස්තර කළ ඔවුන් “ස්වාධීන හා ඵලදායී සෝදිසි කිරීමේ සහ විමර්ශන යාන්ත්‍රණ” නිර්මාණය කරන ලෙස පකිස්ථානයෙන් ඉල්ලා සිටියා.

මාර්තු මාසයේ මුල දී, එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් පිරිසක් රඳවාගෙන සිටින බලුච් අයිතිවාසිකම් ආරක්ෂකයින් වහාම නිදහස් කරන ලෙසත් සාමකාමී විරෝධතා මර්දනය නතර කරන ලෙසත් පාකිස්තානයෙන් ඉල්ලීමක් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14