‘සහෝදරයාට යුක්තිය ඉටුවන තුරු ඔහු වෙනුවෙන් පෙනී සිට අවශ්‍ය මැදිහත් කිරීම සිදු කරමු” – සබර මහා ශිෂ්‍ය සංගමය (නිවේදනය)

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසා ගැනීමේ ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයෙන් විශේෂ නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චාරුක පේරුසිංහගේ අත්සනින් යුතුවයි, මෙම නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ.

එහි දැක්වෙන්නේ මෙවැන්නක්;

‘‘ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ෂාන් සහෝදරයාගේ හදිසි අභාවය පිළිබඳ ව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ඇතුළු සියලුම ශිෂ්‍යයින්ගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන්නෙමු. එම සහෝදරයාගේ මරණයට සමගාමීව විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයින් පිරිසකට නවකවද චෝදනා එල්ල වන අතර ඒ පිළිබඳ ව සහ සහෝදරයාගේ මරණය පිළිබඳ ව ශ්‍රී ලංකා පොලිසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර මේ වන තෙක් මරණය පිළිබඳව නිශ්චිත හේතුවක් සනාථ කොට නැත. එවැනි නවකවද සිදුවීමක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳ ව විනිවිදභාවයකින් හා අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් සිදු කරන ලෙස ඉල්ලා සිටින අතර ඒ සඳහා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ලෙස උපරිම මැදිහත් වීම හා දායකත්වය ලබා දෙන්නෙමු.

ශිෂ්ට සම්පන්න සමාජයක් තුළ නවකවදය නමැති පසුගාමී අදහස් ප්‍රතික්ෂේප වූ කාලයක එවැනි අදහස් විශ්වවිද්‍යාලය තුළට ගෙන ඒම හෝ ඒ සම්බන්ධයෙන් අනුබල දීම හෝ එවැනි ක්‍රියා සිදුවීම ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ලෙස තරයේ හෙළා දකින්නෙමු. නවකවදය වැනි පසුගාමී ගතානුගතික සංස්කෘතියක් තුළින් කිසිසේත්ම නිදහස් අධ්‍යාපනයක් සුරක්ෂිත නොවනු ඇත. එමෙන්ම අප විශ්වවිද්‍යාලය තුළ නිදහස් ආකල්පයකින් යුතුව කලාව හා අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය වපසරිය නිර්මාණය කිරීම අපගේ ද අරමුනයි. එබැවින් නවකවදය වැනි පසුගාමී සංස්කෘතියක් සමගින් අප ශිෂ්‍ය සංගමයට කිසිදු සම්මුතියක් නොමැත.

විශ්වවිද්‍යාලය තුළ නවකවදය වැනි ක්‍රියාකාරකම්වලට මහා ශිෂ්‍ය සංගමය ලෙස සැමවිටම විරෝධතාව දක්වන අතර එවැනි ක්‍රියාකාරකම් මුළුමනින්ම නැවැත්වීමට මහා ශිෂ්‍ය සංගමය ඇතුළුව සියලුම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් කටයුතු කරන්නෙමු. එලෙසම සහෝදරයාගේ මරණය සම්බන්ධව සිදුවන විමර්ශනවලට සහයෝගය ලබාදෙන අතර සහෝදරයාට යුක්තිය ඉටුවන තුරු ඔහු වෙනුවෙන් පෙනී සිට අවශ්‍ය මැදිහත් කිරීම නිසැකවම සිදු කරන්නෙමු.

මෙම හදිසි අභාවය සම්බන්ධයෙන් අපගේ සාතිශය සංවේගය ප්‍රකාශ කරන්නෙමු..” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30