සබරේ සිදුවීම ගැන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් – අගතියට පත් පාර්ශ්වයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම අරඹයි

පසුගියදා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි 23 හැවිරිදි චරිත් දිල්ෂාන් නමැති සිසුවා සියදිවි හානි කරගැනීමේ සිද්ධිය පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමට අගතියට පත් පාර්ශ්වයේ සිසුන් පිරිසක් අද (02) සමනලවැව පොලිසිය වෙත කැඳවා තිබෙනවා.

දසත ප්‍රවෘත්ති අංශය අද දහවල් සමනල වැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමක දී, ඔහු කියා සිටියේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බවත්, පැමිණිලි පාර්ශ්වයන් කැඳවා මේ වනවිට ප්‍රකාශ සටහන් කරගැනීම සිදු කරමින් සිටින බවයි.

චරිත් දිල්ෂාන් නමැති සිසුවාට පසුගියදා විශ්වවිද්‍යාලයේ දී ජ්‍යේෂ්ඨ සරසවි සිසුන් කිහිපදෙනෙකු එක් ව නවකවදයට ලක් කළ බවට වන පැමිණිලි රැසක් විවිධ පාර්ශ්ව වෙතින් පොලිසියට ලැබී තිබෙන බවත් වාර්තා වනවා.

එමෙන්ම මෙම සිසුවා ඉහළගම ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණ අදාළ සිදුවීම සම්බන්ධයෙන් දැඩි මානසික පීඩනයකින් සිට ඇති බවයි සිසුවාගේ දෙමාපියන් සහ ඥාතීන් චෝදනා කරන්නේ.

පසුව ඔහු නිවසේ පිහිටි කුකුල් කූඩුවක සියදිවි හානි කරගෙන ඇති බවත් මියයෑමට පෙර තමන් මුහුණ දුන් මානසික පීඩනය ගැන ලියූ ලිපියක් ද තිබී සොයාගෙන ඇති බවත් පොලිසිය පැවසුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම සිසුවාගේ පියා විසින් ද පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් ද විශ්වවිද්‍යාලය මට්ටමින් පත් කර තිබෙනවා.

සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පැවසුවේ, ජ්‍යේෂ්ඨ මහාචාර්ය ඒ.ඒ.වයි. අමරසිංහ මහතාගේ සභාපතීත්වයෙන් එම කමිටුව පත් කර ඇති බවයි.

මහාචාර්ය කපිල රත්නායක සහ නීතීඥ වයි.එස් චන්ද්‍රසේකර මහත්මිය එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පත් කර සිටිනවා.

අදාළ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් කරුණු සොයා බලා ඊට අදාළ නිරීක්ෂණ සහ නිගමන කඩිනමින් ලබාදෙන ලෙස එම කමිටුවට දැනුම්දුන් බව උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46