මිතුරන් සමග විනෝද වෙන්න ආ නුවර කොල්ලො දෙන්නා තවමත් අතුරුදන්

ඊයේ (01) සවස් කාලයේදී හලාවත පොලිස් වසමේ දැදුරුඔය – නානමංකඩේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවට හලාවත පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, අතුරුදන් වූ පුද්ගලයින් අවුරුදු 20 සහ 22 යන වයස්වල පසු වූ කටුගස්තොට සහ ගලගෙදර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

අතුරුදන් වූ පුද්ගලයන් දෙදෙනා තවත් මිතුරන් කිහිප දෙනෙකු සමඟ මහනුවර ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා හලාවත ප්‍රදේශයට පැමිණ ඇති අතර දැදුරුඔයේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවට සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

අතුරුදන් වූ පුද්ගලයන් දෙදෙනා සොයා නාවික හමුදා නිලධාරීන්ගේ සහාය ද ඇතිව හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20