සරසවි සිසුවාගේ මරණයට හේතුව නවකවදය නම්; ඊට වගකිව යුතු සියල්ලටම උපරිම දඬුවම් දෙනවා – උසස් අධ්‍යාපන අමාත්‍යාංශය

පසුගිය දිනක දී සබරගමුව සරසවියේ තාක්ෂණික පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි විද්‍යාර්ථයෙකු සියදිවි නසා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ, පොලිස් විමර්ශනවල දී මෙම ඛේදවාචකය නවකවදය හේතුවෙන් සිදු වූවක් බවට අනාවරණය වුවහොත්, ඊට වගකිවයුතු සියලු පාර්ශ්වයන්ට එරෙහිව පවත්නා නීතියට අනුකූල ව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවන වසර ශිෂ්‍යයෙකුගේ හදිසි මරණයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පරීක්ෂණ මණ්ඩලයක් මේ වනවිට (මැයි 01) පත්කර ඇති බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව ලැබුණු වහාම ඒ සම්බන්ධයෙන් ගත යුතු සියලු පියවර විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ගනු ලබනු ඇති.

උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින්;

”සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවන වසර ශිෂ්‍යයෙකුගේ හදිසි මරණයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පරීක්ෂණ මණ්ඩලයක් මේ වන විට පත්කර ඇති අතර, එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව ලැබුණු වහාම ඒ සම්බන්ධයෙන් ගත යුතු සියලු පියවර විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ගනු ලබනු ඇත.

මෙම හදිසි මරණය නවකවදය හේතුවෙන් සිදු වූ මරණයක් ලෙස විවිධ සමාජ මාධ්‍යන් හි සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන් ද මෙම අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී ඇති අතර, එවැනි සිදුවීමක් අනාවරණය වුවහොත්, ඊට වගකිවයුතු සියලු පාර්ශ්වයන්ට පවත්නා නීතියට අනුකූලව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට මෙම අමාත්‍යාංශය කටයුතු කරනු ඇත.

එසේම මෙම සිදුවීමට සම්බන්ධ අයවලුන් ලෙස දක්වමින් විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු හුවා දක්වමින් සංසරණය වන සමාජ මාධ්‍ය තොරතුරු සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන අතර, දැනට සිදු කරන පොලිස් පරීක්ෂණ හා අනෙකුත් අභ්‍යන්තර පරීක්ෂණ මගින් මෙම සිදුවීම සම්බන්ධයෙන් නිසි තොරතුරු හෙළිකර ගන්නා තුරු විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි වන මෙවැනි තොරතුරු සංසරණය කිරීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මෙම හදිසි මරණය සම්බන්ධයෙන් මියගිය ශිෂ්‍යායාගේ පවුලේ සාමාජිකයන් වෙත සාතිශය සංවේගය පළ කරනු ලැබේ..” යනුවෙන් එහි සඳහන්.

මේ අතර අදාළ විද්‍යාර්ථයාගේ හදිසි මරණය සම්බන්ධයෙන් දසත පුවත් අංශය සිදුවීම ගැන පරීක්ෂණ සිදු කරන සමනල වැව පොලිසියෙන් සිදු කරන ලද විමසීමක දී එහි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ; මියගිය සිසුවා මියයාමට පෙර ලිපියක් ලියා තබා ඇති බවත්, නමුත් එම ලිපියෙහි කිසිවෙකුට හෝ චෝදනාවක් එල්ල කර නොමැති බවයි.

එබැවින් මෙම සිදුවීම නිශ්චිතව ම නවකවදය හේතුවෙන් සිදු වූවක් දැයි සොයා ලැබුණු විවිධ පැමිණිලි ඔස්සේ ද විමර්ශන ක්‍රියාත්මක බවත්, සමනල වැව පොලිසිය පැවසුවා.

  1. නවක වදය දෙවනි වසරේ ලමයෙකුටත් දීලා කියන්නේ මේක අවුරුදු දෙකක් තිබුණ නවක වදයක්ද? සැබෑ අයට නිසි දඩුවම් අනිත් සරසවි සිසුන්ටත් දැනෙන පරිදි ලබා දිය යුතුයි නැවත මෙවැනි දෑ නොවෙන්න

  2. ඔවුන්ට මරණ දඬුවම ක්‍රියාත්මක විය යුතුයි
    දෙමාපියන් දුක් කරදර වින්දla ලමයි campus යවන්නේ මඟුල් Rag වලින් ලමයි නැති karagannada පාදඩ ballo

  3. දරුවන්ගේ පරම අයිතිය තියෙන්නේ දෙමව්පියන්ටයි. විශ්වවිද්‍යාල වලට එන අනිත් ගොබ්බයන්ට කොහෙත්ම අයිතියක් නෑ ඒ දරුවන්ව හදන්න. ඒ ලමයින්ට පෞද්ගලිකත්වයක් තියෙන්න ඕනි. ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරු පවා මේවට උල්පන්දම් දෙනවා. ඒ ගොල්ලන්ටත් තියෙන්නෙ පහල මානසිකත්වයක්. මේවාට සම්බන්ධ සියලු දෙනාව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි. මෙයට සමාජයේ මතයක් ඉතා ඉක්මනින් ගොඩ නැගෙන්න ඕනි.

  4. ඔය ලමයිමයට ජිවිතය නැතිකරගන්න තැනට සිදුකරපු සැම ලමයකුටම නිසියාකර දඩුවන් දියයුතුයි සැම කෙනේකුවම අල්ලා නිතිය කිරීම යුතුවේ නැත්තන් ඔය පිස්සුව හොදවේන්නේ නැහැ අධ්‍යාපන අමාත්‍යාංශය මේවාට දැඩිලෙස පියවරගන්න ඕනේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03