ඉන්ධන මිල පහත බසියි

ඊයේ (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරන බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 293ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 341ක් වනවා.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් පහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 274ක්.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 325ක් වනවා.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 05කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 178ක්.

මේ අතර, ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව සහ මහර සිද්ධිය අතර සම්බන්ධතාවයක් ?අපි බලමු ඉස්සරහට - දේශපාලකයෝ කළබලවෙලා
05:35
Video thumbnail
මහර ඇතුළේ ඇත්ත නැත්ත මෙන්න - වැසිකිළි යන්න වතුර නැති නිසා රැඳවියෝ නොකා ඉන්නේ
12:13
Video thumbnail
මහර සිටි තවත් සිරකරුවන් බන්ධනාගාර බස්වලින් රැගෙන යයි - බස්ටික පෝළිමට යන හැටි
00:47
Video thumbnail
අධිකරණ ඇමති තනිකර බොරු කරන්නේ - ඇප දෙන්න පුළුවන් අයට ඇප දෙන්න
12:13
Video thumbnail
නැවකින් මුහුදට වැටුණ බහාලුමක් කයිකාවල වෙරළට ගොඩ ගසයි - මෙන්න සමීප දර්ශන
01:13
Video thumbnail
ආණ්ඩුව මේකේ වගකීම බාරගන්න? ඇමති වහාම ඉල්ලා අස්විය යුතුයි - බන්ධනාගාරයවත් පාලනය කරගන්න බෑ
04:50
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිටතට
00:16
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිටතට - "අපි විශේෂ සිරකරුවෝ..බොරුවට නුවරට අරන් යන්නේ"
00:39
Video thumbnail
නාමල් හදිසියේම මහර බන්ධනාගාර සිද්ධිය ගැන හෙළිකරපු දේ - නිලධාරින්ගේ සහ රැඳවියන්ගේ ජීවිත අනතුරේ
01:55
Video thumbnail
"වැසිකිලි යන්න වතුර නැති නිසා නොකා ඉන්න රැඳවියෝ"
00:55