රුවන්වැලි සෑ පුද බිමට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට 119 අංකයට ඇමතුමක්

ඓතිහාසික රුවන්වැලි සෑ පුද බිමට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට අද (28) ඇමතුමක් ලැබී තිබෙනවා.

ඒ, අනුව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව ඒකාබද්ධව එම පුදබිමේ හදිසි සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා.

කෙසේ වෙතත් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සැක කෙරෙන කිසිවක් සොයාගැනීමට හැකිව නොමැති බවයි වාර්තා වුණේ.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුර ව්‍යාජ තොරතුරක් බවට සැකපළ කරන බවයි ආරක්ෂක අංශ පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
154
+1
23
+1
16
+1
68
+1
18
+1
32
Subscribe
Notify of
9 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?