ඉන්දියාව තුළ පාකිස්තාන යූ ටියුබ් නාළිකා රැසකට තහනමක්

ජම්මු කාෂ්මීරයේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන යූ ටියුබ් නාළිකා රැසක් ඉන්දියාව තුළ තහනම් කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාවේ මිලියන 63ක ග්‍රාහකයින් සිටින පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16ක් මෙලෙස ඉන්දියාව තුළ තහනම් කර ඇති බවයි.

මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශ මත මෙම යූ ටියුබ් නාලිකා තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඩෝන්, සමා ටීවී, ඒ.ආර්.වයි ප්‍රවෘත්ති, බොල් නිවුස්, රෆ්තාර්, ජියෝ නිවුස් සහ සුනෝ නිවුස් යන ප්‍රවෘත්ති ආයතනවල යූ ටියුබ් නාලිකා මෙලෙස තහනම් කර ඇති නාළිකා අතරට අයත්.

ඊට අමතරව මාධ්‍යවේදීන් වන ඉර්ෂාඩ් භාටි, අස්මා ෂිරාසි, උමාර් චීමා සහ මුනීබ් ෆාරුක්ගේ යන නාළිකා මෙලෙස තහනම් කර තිබෙනවා.

ඊට අමතරව සමා ස්පෝර්ට්ස්, උසයිර් ක්‍රිකට් සහ රාසි නාමා යන යූ ටියුබ් නාලිකා ද ඇතුළත් වනවා.

මෙම යූ ටියුබ් නාළිකා ඉන්දියාව, එහි හමුදාව සහ ආරක්ෂක ආයතනවලට එරෙහිව ප්‍රකෝපකාරී සහ වාර්ගික වශයෙන් සංවේදී අන්තර්ගතයන්, අසත්‍ය සහ නොමඟ යවන ආඛ්‍යාන සහ වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම හේතුවෙන් මෙම තහනම පනවා ඇති බවයි වාර්තා වුණේ.

මෙම නාලිකා වෙත පිවිසීමට ඉන්දියාව තුළ යමෙකු උත්සාහ කරන්නේ නම්, “ජාතික ආරක්ෂාව හෝ මහජන සාමය සම්බන්ධයෙන් රජයෙන් ලැබුණු නියෝගයක් නිසා මෙම අන්තර්ගතය දැනට මෙම රට තුළ නොමැත” යන පණිවුඩය දැකගත හැකියි.

සංචාරකයින් 25 දෙනෙකු සහ කාශ්මීර ජාතිකයෙකු ත්‍රස්තවාදීන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලද පහල්ගම් ඛේදවාචකයෙන් පසු අසල්වැසියන් අතර රාජ්‍ය සබඳතා තව දුරටත් බිඳ වැටෙමින් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32