ඉන්දියාව තුළ පාකිස්තාන යූ ටියුබ් නාළිකා රැසකට තහනමක්

ජම්මු කාෂ්මීරයේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන යූ ටියුබ් නාළිකා රැසක් ඉන්දියාව තුළ තහනම් කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාවේ මිලියන 63ක ග්‍රාහකයින් සිටින පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16ක් මෙලෙස ඉන්දියාව තුළ තහනම් කර ඇති බවයි.

මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශ මත මෙම යූ ටියුබ් නාලිකා තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඩෝන්, සමා ටීවී, ඒ.ආර්.වයි ප්‍රවෘත්ති, බොල් නිවුස්, රෆ්තාර්, ජියෝ නිවුස් සහ සුනෝ නිවුස් යන ප්‍රවෘත්ති ආයතනවල යූ ටියුබ් නාලිකා මෙලෙස තහනම් කර ඇති නාළිකා අතරට අයත්.

ඊට අමතරව මාධ්‍යවේදීන් වන ඉර්ෂාඩ් භාටි, අස්මා ෂිරාසි, උමාර් චීමා සහ මුනීබ් ෆාරුක්ගේ යන නාළිකා මෙලෙස තහනම් කර තිබෙනවා.

ඊට අමතරව සමා ස්පෝර්ට්ස්, උසයිර් ක්‍රිකට් සහ රාසි නාමා යන යූ ටියුබ් නාලිකා ද ඇතුළත් වනවා.

මෙම යූ ටියුබ් නාළිකා ඉන්දියාව, එහි හමුදාව සහ ආරක්ෂක ආයතනවලට එරෙහිව ප්‍රකෝපකාරී සහ වාර්ගික වශයෙන් සංවේදී අන්තර්ගතයන්, අසත්‍ය සහ නොමඟ යවන ආඛ්‍යාන සහ වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම හේතුවෙන් මෙම තහනම පනවා ඇති බවයි වාර්තා වුණේ.

මෙම නාලිකා වෙත පිවිසීමට ඉන්දියාව තුළ යමෙකු උත්සාහ කරන්නේ නම්, “ජාතික ආරක්ෂාව හෝ මහජන සාමය සම්බන්ධයෙන් රජයෙන් ලැබුණු නියෝගයක් නිසා මෙම අන්තර්ගතය දැනට මෙම රට තුළ නොමැත” යන පණිවුඩය දැකගත හැකියි.

සංචාරකයින් 25 දෙනෙකු සහ කාශ්මීර ජාතිකයෙකු ත්‍රස්තවාදීන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලද පහල්ගම් ඛේදවාචකයෙන් පසු අසල්වැසියන් අතර රාජ්‍ය සබඳතා තව දුරටත් බිඳ වැටෙමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?