ජම්මු – කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයේ විධිමත් පරීක්ෂණයට චීනයේ සහාය – පාකිස්තානයට දැනුම්දෙයි

ඉන්දු – පාකිස්තාන යුද ගැටුම් තත්ත්වය පරිණාමය නොවී දෙපාර්ශ්වය ම මනා සංයමයෙන් කටයුතු කරන ඇති බව චීන රජය විශ්වාස කරනවා.

NDTV මාධ්‍ය වාර්තා කළේ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ඊයේ (27) පාකිස්තාන විදේශ අමාත්‍ය මොහොමඩ් ඉෂාක් ඩාර් සමග දූරකථන සංවාදයක නිරත වෙමින් මේ බව සඳහන් කර ඇති බවයි.

දෙපාර්ශ්වයේ ම ආතතීන් සමනය කරගැනීමට කටයුතු කිරීමේ වැදගත් බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන වැන්ග් ප්‍රකාශ කර තිබෙනවා.

තම රට ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශ සීමා, දේශපාලනික තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ද චීනය පවසනවා.

ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි සංචාරකයින් 26 දෙනෙකුට මරු කැඳවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයකට චීනය සහාය දක්වන බවයි වැන්ග් මහතා ඩාර් මහතාට වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීම සහ සියලුම පාකිස්තාන වීසා තහනම් කිරීම වැනි ක්‍රියාමාර්ග ඉන්දියාව දැනටමත් පාකිස්තානයට එරෙහිව ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56