පොහොට්ටුවේ ප්‍රදේශීය සභා අපේක්ෂකයින් දෙදෙනකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයින් දෙදෙනෙකු ව පුත්තලම කොට්ඨාස අපරාධ
විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (28) පෙරවරුවේ කුරුගමගේ ජගත් සමන්ත පෙරේරා සහ සෙංගල්ඔය කොට්ඨාසයෙන් තරග කරන මහවාසල ලියනගේ දොන් පුබුද්ධ මධුභාෂණ යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදීම අවසන් වූ ඉකුත් මාර්තු මස 20 වැනිදා නීතිවිරෝධී ලෙස රථ වාහන පෙළපාලියක් සංවිධානය
කර පවත්වන ලදැයි සැකකරුවන්ට එරෙහිව පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ලැබී තිබුණා.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඊට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට නියෝග කර තිබෙනවා.

එම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙසයි සැකකරුවන් ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් ව හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46