කතරගම දෙවියන් ආරූඪ වී හතර අතේ වැනූ කොස්තාපල් අත්අඩංගුවට

කතරගම දෙවියන් ආරූඪ වී ඇති බව පවසමින් මාර්ගයේ ගමන් ගත් වාහනවලට පහර දුන් පොලිස් නිලධාරියෙක් චුන්නාකම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (25) දින මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පොලිස් ස්ථානයටම අනුයුක්තව රාජකාරී කළ කොස්තාපල්වරයෙක්.

පසුගිය 24 වනිදා මෙම පොලිස් කොස්තාපල්වරයා තනිකඩ භට නිවාසයේ රැඳී සිටි අවස්ථාවේ තමන්ට කතරගම දෙවියන් ආරූඪ වී ඇති බව පවසමින් අවේගශීලිව හැසිරී තිබෙනවා.

අනතුරුව ඔහු තම පුද්ගලික යතුරුපැදියේ නැගී කනදරාව ප්‍රදේශයට ගොස් මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහනවලට පහර දී ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම සිදුවීමට අදාළව යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත අත්අඩංගුවට ගැනුණු පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
13
+1
2
+1
2
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01