කැනඩාවේ වීදි උත්සවයකට මෝටර් රථයක් කඩා වැදී අනතුරක් – 09ක් ජීවිතක්ෂයට

කැනඩාවේ – වැන්කුවර් හි පැවති වීදි උත්සවයකට මෝටර් රථයක් කඩා වැදීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ එරට වේලාවෙන් සෙනසුරාදා රාත්‍රී 2.00ට පමණ සිදු වූ මෙම අනතුරන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මෙම සිද්ධියට 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිසිය පවසන්නේ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවයි.

පිලිපීන ප්‍රජාවේ ලපු ලපු දින උත්සවයක් පැවැත්වෙමින් තිබූ ස්ථානයකට අදාළ මෝටර් රථය කඩා වැදී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ මිනිසුන්ගෙන් සහ ආහාර ට්‍රක් රථවලින් පිරුණු වීදියක් හරහා අනතුරු සිදුකරමින් මිනිසෙකු මෝටර් රථයක් ධාවනය කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?