අන්තරේ කැඳවුම්කරු සහ රවී කුමුදේශ් ඇතුළු පිරිසකට තහනම් නියෝගයක්

විරෝධතාකරුවන් පිරිසකට බොරැල්ල පොලිස් වසමේ බොරැල්ල කාන්තා කාසල් රෝහල ඉදිරිපිට හෝ ඒ අවට ප්‍රදේශවල අද (27) පෙරවරුවේ පෙලපාලියක් ගමන් කිරීම, රාජ්‍ය ආයතනවලට ඇතුළු වීම, මාර්ගවලට ඇතුල් වී මහා මාර්ගයේ ගමන් ගන්නා වාහන වලට විශේෂිත ගිලන් රථවලට හා වෙනත් තැනැත්තන්ට මාර්ගයන් භාවිත කරන තැනැත්තන්ට පීඩාවක් ඇතිවන අන්දම වළක්වාලමින් අධිකරණය විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම ආඥාවක් නිකුත් කර ඇත්තේ බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සිදුකළ ඉල්ලීමකට අනුවයි.

ඒ, අනුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන මධුෂාන් චන්ද්‍රජිත්, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සම කැඳවුම්කරු එම්. එන්.එම්. නුස්රි, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව ලේකම් නදුන් දර්ශිත හේවාපතිරණ සහ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් යන යට එරෙහිව මෙම ආඥාව නිකුත්කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළව පවත්වනු ලබන තරඟ විභාගයට විරෝධතාවක් පැවැත්වීමට හා එම විභාග මධ්‍යස්ථාන වල ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇති බවට බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මතයි මෙම තහනම් නියෝගය ලබාගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08