අන්තරේ කැඳවුම්කරු සහ රවී කුමුදේශ් ඇතුළු පිරිසකට තහනම් නියෝගයක්

විරෝධතාකරුවන් පිරිසකට බොරැල්ල පොලිස් වසමේ බොරැල්ල කාන්තා කාසල් රෝහල ඉදිරිපිට හෝ ඒ අවට ප්‍රදේශවල අද (27) පෙරවරුවේ පෙලපාලියක් ගමන් කිරීම, රාජ්‍ය ආයතනවලට ඇතුළු වීම, මාර්ගවලට ඇතුල් වී මහා මාර්ගයේ ගමන් ගන්නා වාහන වලට විශේෂිත ගිලන් රථවලට හා වෙනත් තැනැත්තන්ට මාර්ගයන් භාවිත කරන තැනැත්තන්ට පීඩාවක් ඇතිවන අන්දම වළක්වාලමින් අධිකරණය විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම ආඥාවක් නිකුත් කර ඇත්තේ බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සිදුකළ ඉල්ලීමකට අනුවයි.

ඒ, අනුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන මධුෂාන් චන්ද්‍රජිත්, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සම කැඳවුම්කරු එම්. එන්.එම්. නුස්රි, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව ලේකම් නදුන් දර්ශිත හේවාපතිරණ සහ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් යන යට එරෙහිව මෙම ආඥාව නිකුත්කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළව පවත්වනු ලබන තරඟ විභාගයට විරෝධතාවක් පැවැත්වීමට හා එම විභාග මධ්‍යස්ථාන වල ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇති බවට බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මතයි මෙම තහනම් නියෝගය ලබාගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?