නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය අද

එළඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද (27) දිනය ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ අතර මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහජනතාවට දැනුම් දුන්නේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාරගැනීමට අද දිනයේ නිවෙස්වල රැඳී සිටින ලෙසයි.

අඟහරුවාදා (29) දිනය දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සිදුකෙරෙන අතර එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගැනීමට නොහැකි වන පුද්ගලයින්ට තමන් ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් ඒවා ලබාගැනීමේ හැකියාව පවතිනවා.

මේ අතර මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දුන්නේ තමන්ගේ නොවන වෙනත් අයෙකුගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සන්තකයේ තබා නොගන්නා ලෙසයි.

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළඹෙන මැයි මස 06 වනදා පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?