අයියාව ඝාතනය මල්ලී පොලිසියට ඇවිත් භාරවෙලා

වැඩිමල් සහෝදරයාට පහර දී ඝාතනය කළ සහෝදරයෙක් අත්අඩංගුවට ගත් බව පින්වත්ත පොලිසිය පවසනවා.

සොහොයුරන් දෙදෙනා අතර ඊයේ (24) රාත්‍රියේ ඇති වූ ආරවුලක් අතර තුර මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්ව ඇත්තේ පින්වත්ත, මීගහ කෝවිල පාරේ පදිංචිව සිටි 39 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

බාල සොහොයුරා විසින් වැඩිමහල් සොහොයුරාගේ හිසට අතින් පහර දී ඇති අතර, පහර කෑ වැඩිමහල් සොයුරා බිම ඇඳ වැටී ඔහුගේ හිස බිම වැදී මෙම මරණය සිදුව ඇති බවයි මෙතෙක් සිදුකළ පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැනුණු සැකකාර සොහොයුරා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පින්වත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?