අයියාව ඝාතනය මල්ලී පොලිසියට ඇවිත් භාරවෙලා

වැඩිමල් සහෝදරයාට පහර දී ඝාතනය කළ සහෝදරයෙක් අත්අඩංගුවට ගත් බව පින්වත්ත පොලිසිය පවසනවා.

සොහොයුරන් දෙදෙනා අතර ඊයේ (24) රාත්‍රියේ ඇති වූ ආරවුලක් අතර තුර මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්ව ඇත්තේ පින්වත්ත, මීගහ කෝවිල පාරේ පදිංචිව සිටි 39 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

බාල සොහොයුරා විසින් වැඩිමහල් සොහොයුරාගේ හිසට අතින් පහර දී ඇති අතර, පහර කෑ වැඩිමහල් සොයුරා බිම ඇඳ වැටී ඔහුගේ හිස බිම වැදී මෙම මරණය සිදුව ඇති බවයි මෙතෙක් සිදුකළ පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැනුණු සැකකාර සොහොයුරා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පින්වත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27