ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට කාදිනල් හිමියන් අවසන් ගෞරවාචාර පුද කරයි

දැඩි අසනීප තත්ත්වයෙන් පෙලුණු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මෙරට අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද (24) දිනයේ දී අවසන් ගෞරවාචාර පුද කර සිටියා.

ඒ රෝමයේ – වතිකානයේ පිහිටි ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ දීයි.

මේ අතර ස්වර්ගස්ථ වූ 88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංග්‍යල කටයුතු කතෝලික ආගමේ චාරිත්‍රානුකූල ව හෙට (25) රාත්‍රී 08ට ශාන්ත බැසිලිකාවේ පැවැත්වෙන පූජනීය උත්සවයක දී මිනීපෙට්ටියට මුද්‍රා තැබෙනු ඇති.

පාප් වහන්සේගේ අවමංගල්‍යය උත්සවයට පෙර, ශුද්ධ වූ රෝම පල්ලියේ කැමර්ලෙන්ගෝ කාදිනල් කෙවින් ෆැරල්, අභාවප්‍රාප්ත ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මිනී පෙට්ටිය මුද්‍රා තැබීමේ චාරිත්‍රයේ මුලසුන හොබවනවා.

මෙම පූජනීය උත්සවයට කාර්දිනල්වරුන් සහ ශුද්ධාසනයේ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී වනු ඇති.

දස දහස් ගණනක් ජනයා ස්වර්ගස්ථ වූ පාප් වහන්සේට ගෞරව දැක්වීමට තවමත් දිගු පෝලිම්වල රැඳී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43