ලස්සන වෙන සැත්කම් නිසා අනතුරේ වැටෙන චීනයේ තරුණ ජීවිත

තම ශරීරයේ විවිධ සැත්කම් 100ක් සිදු කළ විස්මයජනක යුවතියක් පිළිබඳ ව තොරතුරු වාර්තා වනවා.

ඒ චීනයෙන්.

බීබීසී මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම සැත්කම්වලට භාජනය වී ඇත්තේ ඇබී නමැත්තියක්.

ඇය පළමු වරට වයස අවුරුදු 14 දී රූපලාවණ්‍ය සැත්කමකට ලක් ව තිබෙනවා.

ඇය සිය සැත්කම් 100 ගැන බීබීසී මාධ්‍යය වෙත පවසා ඇත්තේ;

‘මට සැත්කම් 100ක් කරලා තියෙනවා, කවදාවත් නවත්තන්නේ නැහැ’ යනුවෙන්.

අසනීපයකට හෝමෝන ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු, මාස දෙකකින් ඇබීගේ බර කිලෝග්‍රෑම් 42 (රාත්තල් 6 ගල් 8) සිට කිලෝග්‍රෑම් 62 (රාත්තල් 9 ගල් 11) දක්වා වැඩි වී තිබෙනවා.

ඇබීගේ මව මැදිහත් වී ඇගේ බඩේ සහ කකුල්වල මේදය ඉවත් කිරීම සඳහා ලිපොසක්ෂන් ලබා ගැනීමට ඇයව රෝහල්ගත කර ඇති බවත් සඳහන්.

ඉදිරියේදී සිදුවීමට නියමිත සැත්කම ගැන ද ඇබීගේ මව අදහස් දක්වා තිබෙනවා.

ඇය සිය දියණිය ව දිරිමත් කර ඇත්තේ,

“නිර්භීතව ඇතුළට යන්න. ඔයා එළියට ආවට පස්සේ ඔයා ලස්සන වෙයි” යනුවෙන්.

ඇබීගේ ශරීරයෙන් මේ වනවිට මේදය ඉවත් කිරීමේ සැත්කමකට ද භාජනය වෙමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිට 35 හැවිරිදි වියෙහි පසුවන මෙම යුවතිය සිය සැත්කම් 100 සඳහා අමෙරිකානු ඩොලර් මිලියන භාගයක් පමණ වැය කර තිබෙනවා.

චීනය වැනි න්‍යෂ්ටික අත්හදා බැලීම් මෙන් ම තාක්ෂණය ද ඉතාමත් ඉහළ රටක මධ්‍යම බීජිං නුවර රූපලාවණ්‍යාගාර සායනයක සම-හිමිකාරිණියක් ලෙසයි ඇය කටයුතු කරන්නේ.

චීනයේ ප්ලාස්ටික් සැත්කම් උත්පාතයේ වඩාත් ජනප්‍රිය මුහුණක් ලෙස ඇබීගේ මුහුණ ප්‍රසිද්ධියක් උසුලන බවත් වාර්තා වනවා.

නමුත් සැත්කම් සඳහා භෞතිකව මහා පරිමාණයෙන් ඇය වියදම් කර ඇති බවත් චීනයේ අභ්‍යන්තරය තුළ පවතින ආර්ථික, දේශපාලනික අර්බුදයන් ඊට අත්වාරු සපයා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා චෝදනා කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49