16 හැවිරිදි බාලවයස්කරු ඝාතනයට හෙල්මට් චණ්ඩීන් 11ක් අත්අඩංගුවට (වීඩියෝ)

හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 11ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (22) රාත්‍රී කාලයේ වෙලගෙදර පොලිස් වසමේ ඇරෑපොළ කන්ද ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

මාවතගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 15 ත් 18 ත් අතර වයස්වල පසුවන ඇරෑපොළ කන්ද හා අඹකෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන්.

පසුගිය 16 වන දින වෙලගෙදර පොලිස් වසමේ හැවන්පොළ ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් මත පිරිමි ළමයෙකුට තවත් පිරිමි ළමුන් කිහිපදෙනෙකු විසින් අතින් පයින් හා හෙල්මට් එකකින් පහර දී බරපතළ තුවාල සිදුකර තිබුණා.

බරපතළ තුවාල ලැබූ සිසුවා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 16 ක් වූ සැකරලියා වත්ත, හැවන්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25