16 හැවිරිදි බාලවයස්කරු ඝාතනයට හෙල්මට් චණ්ඩීන් 11ක් අත්අඩංගුවට (වීඩියෝ)

හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 11ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (22) රාත්‍රී කාලයේ වෙලගෙදර පොලිස් වසමේ ඇරෑපොළ කන්ද ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

මාවතගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 15 ත් 18 ත් අතර වයස්වල පසුවන ඇරෑපොළ කන්ද හා අඹකෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන්.

පසුගිය 16 වන දින වෙලගෙදර පොලිස් වසමේ හැවන්පොළ ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් මත පිරිමි ළමයෙකුට තවත් පිරිමි ළමුන් කිහිපදෙනෙකු විසින් අතින් පයින් හා හෙල්මට් එකකින් පහර දී බරපතළ තුවාල සිදුකර තිබුණා.

බරපතළ තුවාල ලැබූ සිසුවා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 16 ක් වූ සැකරලියා වත්ත, හැවන්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?