දළදා වහන්සේගේ ඡායාරූපයක් ගැන ශ්‍රී ලංකා පොලිසියෙන් නිවේදනයක්

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක් බවට නිරූපණය වන ඡායාරූපය සම්බන්ධව පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ මෙම දළදා වන්දනාවට සහභාගී වන සැදැහැවතුන් හට තමන්ගේ ජංගම දුරකථන ක්‍රියාකාර් තත්ත්වයෙන් තබා ගැනීමට හෝ දළදා වහන්සේගේ ඡායාරූප ලබා ගැනීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි.

එසේ තිබියදී සංසරණය වන මෙම ඡායාරූපය දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාවේදි ලබා ගන්නා ලද ඡායාරූපයක් ද යන්න හා මෙය කවුරුන් විසින් ලබා ගත් ඡායාරූපයක් ද එසේ නැතහොත් මෙය සංස්කරණය කරන ලද්දක් ද යන්න අනාවරණය කර ගැනීමට මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
7
+1
2
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?