අමෙරිකානු යුද නැව්වලට ප්‍රහාර එල්ල කිරීමට චීන සමාගමක් සහාය දෙන බවට චෝදනාවක්

රතු මුහුදේ අමෙරිකානු යුද නැව්වලට එල්ල කරන ලද හවුති ප්‍රහාර සඳහා චීනයට සම්බන්ධ චන්ද්‍රිකා සමාගමක් සහාය දක්වන බවට එක්සත් ජනපදය චෝදනා කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක්සත් ජනපද නිලධාරීන්ට අනුව, රතු මුහුදේ අමෙරිකානු යුද නැව් සහ විදේශීය බෝට්ටු ඉලක්ක කර ගැනීමට යේමනයේ ඉරාන පිටුබලය ලබන හවුති කැරලිකරුවන්ට රූප සපයන චීන සමාගමක් ගැන කරුණු අනාවරණය වී ඇති බවයි.

පෙරේදා දිනයේ දී යේමන තෙල් වරායට එල්ල වූ ඇමරිකානු ගුවන් ප්‍රහාරය හවුතිවරුන්ට එරෙහි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාපාරය තීව්‍ර කරන බවත් සඳහන්.

යේමනයේ හවුති කැරලිකරුවන් විසින් අල්ලාගෙන සිටි වැදගත් තෙල් වරායකට එක්සත් ජනපදය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 70කට වැඩි පිරිසක් මිය ගොස් තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදු වූ බව ඉරාන පිටුබලය ලත් කැරලිකාර කණ්ඩායම නිවේදනය කළා.

රාස් ඊසා වරායට එල්ල වූ රාත්‍රි ප්‍රහාරය දැවැන්ත ගිනි බෝල අහසට විසි කළ අතර ටැංකි ට්‍රක් රථ ගිනිබත් කරන සුන්බුන් බවට පත් කෙරුණා.

එක්සත් ජනපද බෝම්බ හෙලීමේ ව්‍යාපාරයේ දී හවුති පාලනය කරන ලද තෙල් පහසුකම් මත ඇමරිකානු ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව මෙය බවයි සැලකෙන්නේ.

ටෙහෙරානයේ වේගයෙන් ඉදිරියට යන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ ඉරානය අතර රෝමයේ සාකච්ඡා නැවත ආරම්භ වීමට ටික කලකට පෙර ද එය සිදු වූ අතර, වොෂින්ටනය යේමනයේ ප්‍රහාරවලට සම්බන්ධ කර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51