කෙහෙල්බද්දර පද්මෙගේ හතේ කල්ලියක් අපරාධයකට පිඹුරුපත් අඳිද්දී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන කෙහෙල්බද්දර පත්මෙ නමැත්තාගේ ගෝලයින් හත්දෙනකු T-56 වර්ගය ගිනිඅවි දෙකක්, මැගසින් දෙකක් හා උණ්ඩ 105ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අද (19) ගම්පහ – තම්මිට දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සැකකරුවන්, අද ගම්පහ වෙළෙඳ සංගමය හා පොලිසිය විසින් සංවිධානය කරන බක්මහ උලෙළ අවසානයේ පැවැත්වෙන රාත්‍රී සංගීත ප්‍රසංගය සඳහා පොල්තෙල් පහන දැල්වීමට ආරාධනා ලැබ සිටින ගම්පහ ව්‍යාපාරික ඔස්මන් නමැත්තා ඝාතනය කිරීම සඳහා සැලසුම් කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්