රුපියල් හයකෝටිය ඉක්ම වූ කුෂ් සමග කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට

රුපියල් හයකෝටි විසි නවලක්ෂ හැත්තෑ හය දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන්තොටුපොළ සියලුම පරීක්ෂණ නිමවා, ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි ව්‍යාපාරික කාන්තාවන් තිදෙනෙකු අද (19) දින අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ මෙම කාන්තාවන් තිදෙනා කොළඹ – වැල්ලම්පිටිය සහ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25, 48 සහ 50 වයස්වල පසුවන ද්‍රවිඩ සහ මුස්ලිම් ජාතික ව්‍යාපාරික කාන්තාවන් පිරිසක් බවයි.

ඔවුන් කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 248 ක් බරැති මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිල දී ගෙන, ඒවා සිය ගමන් මළු 04 සඟවාගෙන ඉන්දියාවේ බැංග්ලෝර් නුවර වෙත පැමිණ තිබෙනවා.

ඉන්පසුව සැකකාරිණියන් තිදෙනා අද අලුයම 12.00 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට, ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1183 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකාරිණියන් පිරිස ඔවුන් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය සමග අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14