අප්‍රේල් අවුරුදු දින දෙක තුළ බීමත් රියදුරන් 800ක් අල්ලයි

අලුත් අවුරුදු දින 2ක තුළ පමණක් බීමත් රියැදුරන් 800 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, අප්‍රේල් 13 සහ 14 දිනවල ක්‍රියාත්මක කළ මෙහෙයුම්වල දී පමණක් මෙම වැරදිකරුවන් හඳුනාගත් බවයි.

අලුත් අවුරුදු නිවාඩු දෙදිනෙහි බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරුණු අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හඳුනාගැනීමට ද දීප ව්‍යාප්ත මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණා.

එහිදි අත්අඩංගුවට ගත් බීමත්ව රිය පැදවු පුද්ගලයන් 800 දෙනෙකු එරෙහිව එලෙස නඩු පැවරීමට කටයුතු කළ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

එමෙන්ම අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාව, නැවතත් කොළඹට පැමිණිම හේතුවෙන් ඉදිරි දිනවල දී මාර්ගවල වාහන සංඛ්‍යාව වැඩි විය හැකි බව ද බුද්ධික මනතුංග මහතා පෙන්වා දුන්නා.

එබැවින්, අපරීක්ෂාකාරි ලෙස රිය ධාවනයෙන් වළකින්නැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියැදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37