Update – ඊසානදිග යුක්‍රේනයට එල්ල වූ බැලස්ටික් මිසයිල ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළට

ඊසානදිග යුක්‍රේනයේ නගරයක් වන සුමි නගරයට රුසියාව එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව යුක්‍රේනය බලධාරීන් පවසන්නේ පුද්ගලයින් 32ක් එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මියගිය අය අතර ළමුන් දෙදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

ක්‍රිස්තියානි ශුද්ධ සතියේ පළමු දිනය වන පාම් ඉරිදා සැමරීමට රැස්වුණු පිරිසක් ඉලක්ක කර ගනිමින් රුසියාව මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති බවයි යුක්‍රේනය පවසන්නේ.

මේ අතර මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ළමුන් 10 දෙනෙකු ඇතුළුව තවත් 84 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

යුක්‍රේන බුද්ධි සේවය පවසන්නේ රුසියාවේ වොරොනෙෂ් සහ කර්ස්ක් ප්‍රදේශවලින් පැමිණි ඉස්කැන්ඩර්-එම් බැලස්ටික් මිසයිල දෙකකින් සුමි වෙත ප්‍රහාරය එල්ල වූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56