රාමසාන් දිනය අදයි

ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියකින් හා සහෝදරත්වය පෙරදැරිව සමරන රාමසාන් දිනය අදයි.

රාමලාන් මාසයේ උපවාස ශීලය ආරක්ෂා කිරීමෙන් පසුව නව සඳ දැකීමෙන් රාමසාන් දිනය උදාවේ. රාමසාන් මාසය පුරා උපවාසයේ නිරත වන ඉස්ලාම් බැතිමතුන් ෂව්වාල් මාසයට අදාළ නව සඳ දැකීමෙන් අනතුරුව රාමසාන් උත්සවය සමරයි.

මේ අතර, රාමසාන් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ, සාමය, සහෝදරත්වය ගොඩනගා ලොවට පෙන්වූ සංහිඳියාව සමස්ත ඉස්ලාමීය ලෝකයට අප පෙන්වූ වටිනා ආදර්ශයක් බවයි.

මුළු මහත් ජනතාවගේ ප්‍රාර්ථනයත්, කැපවීමත් පවතින වසංගතයෙන් නිදහස් වූ සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවක් බව පෙන්වා දෙන ජනාධිපතිතුමා රාමසාන් සමය ඒ සඳහා ඉවහල් කර ගැනීම සිය පණිවිඩයෙන් අගය කර තිබෙනවා.

සමස්ත ලෝකයම වසංගත අර්බුදයකට මුහුණ දී සිටින කාල වකවානුවක රාමසාන් උපවාසයෙන් අර්ථවත් වන ආගමික සාර්ධර්ම සියලුදෙනාගේ යහපත සඳහා යොවන්නැයි, ඉස්ලාම් ජනතාවගෙන් ඉල්ලා සිටින බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

රාමසාන් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, ආගමානුකූල නිවැරදි ඉගැන්වීම් තුළ ශික්ෂණය ලැබු ඉස්ලාමීය ජනතාවට ඉතිහාසය පුරාවට ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ අනෙකුත් ජාතීන් හා ආගම් සමග අනෝන්‍ය සුහදත්වයෙන් කටයුතු කර ඇති බවයි.

මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද, රාමසාන් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

විපක්ෂ නායකවරයා පවසන්නේ, මෙම ව්‍යසනකාරී සමය නිමාවන ලෙස ඉල්ලා ආගමානුකූලව කටයුතුවල යෙදෙන සමස්ත ඉස්ලාම් බැතිමතුන්ට ප්‍රණාමය පුද කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14