සමුද්‍රීය ආරක්ෂාව වඩාත් ශක්තිමත් කිරීමට හදිසි ඇමතුම් අංකයක්

සමුද්‍රීය ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ මුහුදු ආපදා තත්වයන්හි වහාම ප්‍රතිචාර දැක්වීම සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ, අනුව 106 අංකය මඟින් සෘජුවම වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මෙහෙයුම් මධ්‍යස්ථානයට සම්බන්ධ වී ඕනෑම හදිසි අවස්ථාවක දී දැනුම්දීමේ හැකියාව පවතිනවා.

අලුතින් හඳුන්වා දුන් මෙරම ක්ෂණික ඇමතුම් අංකය තුළින්, හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමේ කාලය අවම කිරීම සහ සමුද්‍රීය ආපදා තත්ත්වයන් සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම අරමුණ වී තිබෙනවා.

මහජනතාව, නාවිකයින් සහ වෙරළබඩ ප්‍රජාවන්ට ක්ෂණික හා සෘජු සන්නිවේදන ක්‍රමවේදයක් ලබාදීමෙන්, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මෙහෙයුම් සූදානම වැඩිදියුණු කිරීම මෙන්ම සමුද්‍රීය ආරක්ෂාව සහ පාරිසරික සංරක්‍ෂණය සඳහා වන ජාතික ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමට උත්සාහ කරනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛතම ආයතනය වන වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මුහුදු තීරයේ ආරක්ෂාව සහ සමුද්‍රීය පරිසරය සුරක්‍ෂිත කිරීම සඳහා විශාල වගකීමක් ඉටු කරනු ලබනවා.

මුහුදේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම, තෙල් කාන්දු කළමනාකරණයේ පළමු ප්‍රතිචාරකයා ලෙස ප්‍රතිචාර දැක්වීම, මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම් මැඩලීම, සෝදිසී කිරීම සහ මුදවා ගැනීමේ මෙහෙයුම් ඇතුළු මුහුදේදී සිදුවන නිතී විරෝධි කටයුතු සඳහා ද එය සක්‍රියව දායක වනවා.

සියළුම නාවිකයින්, ධීවරයන් සහ මුහුදු ආශ්‍රිත ප්‍රජාවන් හට මුහුදේ සිදුවන හදිසි අවස්ථාවන්හි දී හදිසි ඇමතුම් අංක 106 භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57